මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම අප අතර සිටින ඇතැමුන් තම සිතට ප්‍රදර්ශණය වන ඇතැම් කරුණු දකියි. නමුත් ඒ ගැන කතා කිරීම බරපතළ වේ. එබැවින් එය කතා කිරීමට වඩා තමන් අළු බවට පත්වීම වඩාත් හොඳ යැයි සිතයි." යනුවෙන් පැවසුවේය. දූතයාණන් දෙවරක් "අල්ලාහු අක්බර්" අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, යැයි තක්බීර් පවසා ෂෙයිතාන්ගේ කෙඳිරීම හටගත් විගස ඔහුගේ කුමන්ත්‍රණය ඔහුටම යළි හරවා යැවීම සම්බන්ධයෙන් එතුමාණෝ අල්ලාහ්ට ප්‍රශංසා කළහ.