ආඉෂා රළියල්ලාහු අන්හා තුමිය අපට මෙසේ දන්වා සිටියාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට මරණය ළඟා වූ අවස්ථාවේ එතුමාණෝ තම මුහුණ මත රෙදි කැබැල්ලක් එළීය. මරණයේ වේදනාව හේතුවෙන් හුස්ම ගැනීමට එතුමාණන්ට අපහසු වූ විට තම මුහුණින් එය ඉවත් කර ගත්හ. එම බරපතල අවස්ථාවේ එතුමාණෝ "යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කරත්වා! ඔහුගේ කරුණාවෙන් ඔවුන් දුරස් වූවෝය. එය ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් දේවස්ථාන බවට පත් කර ගත් බැවිනි." යැයි පැවසූහ. එය බරපතල කරුණක් නොවී නම්, එම තත්ත්වයේ එතුමාණන් ඒ ගැන පවසන්නට නොවීය. ඒ අනුව, එවැනි ක්‍රියාවන්ට සමාන දැයින් තම ප්‍රජාව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. එය යුදෙව් හා කිතුනුවන්ගේ ක්‍රියාවලිය විය. එමෙන්ම එය අල්ලාහ්ට ආදේශ කිරීම වෙත යොමු කරන පහත් ක්‍රියාවක් විය.