අල්ලාහ්ගේ නියමයෙන් තොර ව ලෙඩ රෝග තමන්ගෙන් තවත් කෙනෙකුට වැළදෙනු ඇතැයි අඥාන ජනයා විශ්වාස කරමින් සිටි ආසාදන ක්‍රියාවලිය ව්‍යාජ මතයක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එමෙන්ම අශුභවාදය ද ව්‍යාජ මතයකි. එනම්: කුරුල්ලන්, සතුන්, ආබාධ සහිත පුද්ගලයින්, අංක, දින හෝ වෙනත් ඕනෑම ඇසෙන හෝ දෘශ්‍යමාන දෙයකින් දකින අශුභවාදයයි. අසුභවාදය ගැන සඳහන් කර ඇත්තේ, එය ඉස්ලාමයට පෙර වූ අඥාන යුගයේ ප්‍රසිද්ධියට පත්ව තිබූ නිසා ය. එහි මූලාරම්භය ගමනක, වෙළඳාමක හෝ වෙනත් ඕනෑම දෙයක යෙදෙන විට කුරුල්ලකු මුදා හැර, එය දකුණට පියාසර කරන්නේ නම්, එය ශුභවාදී වේ. ඒ අනුව ඔහුට අවශ්‍ය දේ සිදු කරයි. එය වමට පියාසර කරන්නේ නම්, එය අශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දේවලින් ඉවත් ව සිටියි. සුභවාදය ගැන තමන් සතුටු වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එනම්: දැහැමි වචනයෙන් ලබන සතුට හා ප්‍රීතිය හේතුවෙන් මිනිසාට හට ගන්නා දෑය. එය තම පරමාධිපති කෙරෙහි යහපත් සිතුවිලි ඇති කරනු ඇත.