නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පිළිවෙතට විරුද්ධව කටයුතු කරන පිරිසක් මුණ ගැසෙන තුරු සැබැවින්ම එම සහාබිවරයාගේ ජීවිත කාලය ඔහුට දීර්ග වන බව එතුමාණෝ දන්වා සිටියේය. රැවුල සම්බන්ධයෙන් නම් එය පූර්ණ ලෙස වැවීම පිටස්තරයන්ට හෝ සැප පහසුකම් ඇති සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන්නන්හට අනුකූලව එය විකෘති කරමින් එයට සාත්තු කිරීමය. එසේ නැතහොත් දේවත්වයට ආදේශ තබන මාධ්යයන් භාවිතා කරමින් ඒකදේව වාදී ප්රතිපත්තිය විකෘති කොට මාල පැළඳ එවා ඔවුන්ගේ සතුන්ටත් පළන්දවා එමගින් අනතුරු වළක්වාගන්නට බැලීමය. එසේ නැතහොත් සත්ව අසූචි හා අස්ථි තුළින් පිරිසිදු කිරීම වැනි ඔවුන්ගේ නබිවරයා ඔවුනට තහනම් කළ දෑ සිදු කිරීමය. ඒ අනුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මිතුරාට එවන් සමූහයක් දකිනු ඇතැයි ද එවන් කිසිවක් සිදු කරන්නන්ගෙන් නබිවරයා නිදොස් බවද දන්වා උපදෙස් දුන්හ.