අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ෂිර්ක්’ හෙවත් දේවත්වයට ආදේශ තැබීම වෙනුවෙන් අරගල කිරීමේ හා ජනයා ඉන් මුදවා ගැනීමේ අවස්ථා අතරින් එක් අවස්ථාවක් පිළිබඳ ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) විසින් අපට මෙසේ මෙනෙහි කර පෙන්වීය. සැබැවින්ම එතුමා පිත්තලවලින් සාදන ලද කුඩා වළල්ලක් පැළඳගත් මිනිසෙකු දුටුහ. පසුව එය පැළඳීමට ඔහුට තුඩුදුන් හේතුව කුමක්දැයි එතුමා ඔහුගෙන් විමසූහ. එයට එම පුද්ගලයා පිළිතුරු දෙමින් වේදනාවෙන් තමන්ව ආරක්ෂා කිරීම සඳහා එය පැළඳ ඇතැයි දැන්වූහ. එය ක්ෂණිකව ගලවා විසිකරන්නැයි නියෝග කළහ. එමෙන්ම සැබැවින්ම එය ඔහුට ප්රයෝජනය නොසලසන බවත් එය ඔහුට හිංසා කරනු ඇති බවත් දන්වා සිටියහ. එමෙන්ම සැබැවින්ම එය ඒ හේතුවෙන් පැළඳ ඇති පුද්ගලයාගේ රෝගය වර්ධණය වන බවත් එය ඉතා බරපතල බවත් මරණය දක්වාම එය අඛණ්ඩව තිබුණේ නම් මතුලොවෙහි ජනගහ්රහණය තහනම් කරනු ලබන බවත් දන්වා සිටියේය.