නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මහා පාපකම් අතරින් මහත්ම පාපකම් වනුයේ: අල්ලාහ්ට ආදේශ තැබීම, අල්ලාහ්ගේ සැළසුම ගැන නිර්බිය වීම, අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු නැතිකර ගැනීම හා අල්ලාහ්ගේ ආත්මය ගැන අනපේක්ෂිත වීම.” මෙහි වාර්තා සම්බන්ධතාව පූර්ව සාධක සහිතය - අබුදර් රස්සාක් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙම හදීසයේ මහා පාපකම් ලෙස සැලකෙන ඇතැම් පාපකම් ගැන මෙනෙහි කර ඇත්තාහ. ඒවානම්: අල්ලාහ්ගේ පාලනයේ හෝ ඔහුගේ දේවත්වයෙහි හෝ ඔහුට හවුල්කරුවකු පත් කොට එවැන්නකු මගින් කටයුතු ආරම්භ කිරීම. සැබැවින්ම එය බරපතල පාපයකි. අල්ලාහ් පිළිබඳ බලාපොරොත්තු හා අපේක්ෂාවන් ගැන බිඳ දැමීම. සැබැවින්ම එය අල්ලාහ් පිළිබඳ නපුරක් සිතීම හා ඔහුගේ කරුණාවේ විශාලත්වය ගැන අනවබෝධය පෙන්වා දෙයි. ගැත්තා නොසැළිකිලිමත්ව සිටියදී ඔහුව ග්රහණය කරන තෙක් ආශිර්වාද තුළින් ඔහුව පියවරෙන් පියවර හසු කිරීම ගැන නිර්බිය වීම. මහාපාපකම් අධිකව පවතින බැවින් මෙහි සඳහන් කරන ලද මහා පාපකම් සීමා කිරීමක් හදීසයෙන් අපේක්ෂා නොකෙරේ. නමුත් එම මහා පාපකම් විස්තර කිරීමක් අපේක්ෂා කෙරේ.

explain-icon

හදීසයේ හරය

  • සුලු පාපකම් හා මහා පාපකම් ලෙස පාපක්රියාවන් වෙන් කිරීම.
  • බරපතලම පාපය හා අතිමහත්ම පාපය වනුයේ අල්ලාහ්ට යමක් ආදේශ කිරීමය.
  • ශුද්ධ වූ අල්ලාහ්ගේ සැළසුම ගැන බියෙන් තොරවීමේ හා ඔහුගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් කර ගැනීමේ තහනම. සැබැවින්ම ඒ දෙකම මහා පාපකම් ගණයට අයත් වෙති.
  • කුමන්ත්රණ කරුවන් හමුවේ කුමන්ත්රණ කරු යනුවෙන් අල්ලාහ්ව වර්ණනා කිරීමේ අනුමැතිය. මෙය පූර්ණ ගුණාංගයකි. නපුරු කුමන්ත්රණයක් බවට පත් වනුයේ කුමන්ත්රණ කරනු ලබන්නට සුදුසු නොවන්නන්හට කුමන්ත්රණය කිරීමය.
  • සැබැවින්ම ගැත්තාට අනිවාර්යය වනුයේ බිය හා බලාපොරොත්තු අතර පසුවීමය. ඒ අනුව ඔහු බිය වූයේ නම් ඔහු බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත. ඔහු බලාපොරොත්තු තැබුවේ නම් ඔහු බිය වන්නේ නැත.
  • අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පිරිදි ඔහුගේ ‘රහ්මා’ හෙවත් කරුණාවේ ගුණාංගය තහවුරු කිරීම.
  • කීර්තිමත් අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ගොඩ නගා ගැනීමේ අනිවාර්යයභාවය.