explain-icon

විවරණය

මිනීවළවල් මත වාඩිවීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එමෙන්ම සලාත් ඉටු කරන්නා කිබ්ලා දිශාවට අනුගත වන අයුරින් පිහිටා ඇති මිනිවල්වල් ඉදිරියේ සලාත් ඉටු කිරීම ද වැළැක්වූහ. මක්නිසාද යත් එය බහුදේව මාර්ගය වන බැවිනි.

explain-icon

හදීසයේ හරය

  • සුන්නාවේ සඳහන්ව ඇති පරිදි ජනාසා සලාතය හැර, මිනීවළවල් මත හෝ ඒවා අතර හෝ ඒ දෙසට හෝ වෙනත් සලාත් ඉටු කිරීමේ තහනම.
  • බහුදේවවාදයේ කඩතුරාව අවහිර කිරීම සඳහා සොහොන් දෙසට සලාත් ඉටු කිරීමේ තහනම.
  • සොහොන් සම්බන්ධයෙන් අතිශයෝක්තියට නැංවීම සහ ඒවාට අගෞරව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත. එබැවින් අධිත සැලකිලි හෝ නොසැලකිල්ලක් නොතිබිය යුතුය.
  • "මිය ගිය දේහයේ අස්ථි කඩා දැමීම, ජීවත්ව සිටිය දී ඔහුගේ අස්ථි කඩා දැමුවා හා සමානය" යන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුව මුස්ලිම්වරයකු මිය ගිය පසුව ද ඔහුගේ ගෞරවය එසේම පවතිනු ඇත.
explain-icon

අමතර