දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ සිටිය දී ඇය දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳවත් එහි ඇති ප්‍රතිමා, රූප හා අලංකරණයන් පිළිබඳවත් පුදුමයෙන් යුතුව මෙනෙහි කළාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රතිමා ඉදි කිරීමට හේතු වූ සාධක පැහැදිළි කළහ: එතුමාණෝ, 'සඳහන් කරනු ලැබූ ඔවුන් වනාහි, ඔවුන් අතර දැහැමි තැනැත්තෙකු මිය ගිය විට ඔවුන් ඔහුගේ මිනිවළ මත දේවස්ථාන ඉදි කර එහි යාඥාවල නිරත වෙයි. එම රූපය ඔවුන් නිර්මාණ කරයි යැයි පවසා සිටියහ. සැබැවින්ම එසේ සිදු කරන්නා උත්තරීතර අල්ලාහ් අබියස මැවීම් අතරින් වඩාත් නපුරුම තැනැත්තා බව ද පැහැදිළි කළහ. ඊට හේතුව, එසේ සිදු කිරීම උත්තරීතර අල්ලාහ්ට ආදේශ කිරීම දක්වා ගෙන යනු ඇත.