මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්ත අය වනුයේ තම හදවතින් අවංකව 'නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත' යැයි පවසා සිටින්නාය. එනම් අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුම් ලබන කිසිවෙකු නොමැති බව විශ්වාස කිරීම හා දේව ආදේශයෙන් හා මිනිසුනට ප්‍රදර්ශනය කිරීමෙන් ඉවත්ව සිටීමය.