සුනඛයෙක් හෝ සජීවී ජීවීන්ගේ රූපයක් ඇති නිවසකට ආශිර්වාදයේ මලක්වරුන් පිවිසෙන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. එනම් ජීවී රූපයක් ඇති පින්තූර එල්ලා තැබීම දරුණු පාපයකි. අල්ලාහ්ගේ මැවීමක් අනුකරණය කිරීම, ෂිර්ක් හෙවත් දේවත්වයට ආදේශ කිරීමේ මාධ්‍යයක් වීම යනාදිය එහි දක්නට ලැබේ. ඇතැම් රූප අල්ලාහ් හැර නමදිනු ලබන රූප බවට පත් වී ඇත. සුනඛයකු ඇති නිවසකින් ඔවුන් එසේ වැළකී සිටීමට හේතුව, ඌ අපවිත්‍ර දෑ අධික ලෙස අනුභව කරන බැවිනි. එමෙන්ම උන්ගෙන් සමහරක් ෂෙයිතාන් යනුවෙන් අමතනු ලැබෙන අතර මලක්වරුන් ෂෙයිතානුන්ට පටහැනිව සිටිති. එමෙන්ම සුනඛයා දුර්ගන්ධය ඇති සතෙකු බැවිනි. මලක්වරු දුර්ගන්ධය පිළිකුල් කරති. එමෙන්ම දුර්ගන්ධය තහනම් කර ඇති බැවින් එැවන්නක් ගැනීමේ දඬුවම වනුයේ, ඔහුගේ නිවසට ආශිර්වාදයේ මලක්වරුන් පිවිසීම, ඔහු සම්බන්ධයෙන් ඔවුන් කරන ප්‍රාර්ථනාව, ඔහු වෙනුවෙන් ඔවුන් කරන පාපක්ෂමාව, ඔහු හා ඔහුගේ නිවසේ සමෘද්ධිය සඳහා ඔවුන් කරන ආශීර්වාදය හා ෂෙයිතාන්ගේ හානියෙන් ඔවුන් පිරිනමන ආරක්ෂාව අහිමි වී යාමය.