උක්බත් ඉබ්නු ආමිර් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිරිසක් පැමිණියේය. එතුමා නව දෙනෙකුටම ප්‍රතිඥා දුන් අතර එක් අයකුගෙන් වැළකී සිටියේය. එවිට ඔවුහු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! නව දෙනෙකුටම ඔබ දිවුරුම් දී මොහුව අත්හැරියේ ඇයිදැ?යි විමසූහ. එතුමාණෝ "ඔහු මත සුරයක් විය" යැයි පැවසූහ. පසුව ඔහුගේ අත දමා එය කඩා දැමුවේය. පසුව ඔහුට දිවුරුම් දී මෙසේ පැවසූහ: "කවරෙකු සුර එල්ලන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට ආදේශ කළේය." حسن - رواه أحمد
explain-icon

විවරණය

පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. එම සංඛ්‍යාව දස දෙනෙකු පමණ විය. ඔවුන් අතරින් නව දෙනෙකුගෙන් ඉස්ලාමය හා එය පිළිපැදීම සම්බන්ධව ප්‍රතිඥා ගත් අතර දස වැන්නාගෙන් ප්‍රතිඥා ගත්තේ නැත. ඒ ගැන හේතුව විමසා සිටි කල්හි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. සැබැවින්ම ඔහු මත සුරයක් විය. එය ඇස්වහ සහ උවදුරුවලින් වැළකීම සඳහා පබලු වලින් හා වෙනත් දැයින් අමුණන ලද හා එල්ලන ලද්දක් විය. පසුව එම මිනිසා සුරය ඇති ස්ථානයට අත දමා එය කඩා දමා ඉන් නිදහස් විය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එම අවස්ථාවේ ඔහු සමග ප්‍රතිඥාව ගිවිස ගත්හ. තවදුරටත් එතුමාණෝ සුර ගැන අවවාද කරමින් හා එහි නීතිය පැහැදිලි කරමින් මෙසේ පැවසූහ. "කවරෙකු සුර එල්ලන්නේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ට ආදේශ කළේය."

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ් හැර වෙනත් කෙනෙකු මත යැපෙන කවරෙකු වුව ද, අල්ලාහ් ඔහු සමග කටයුතු කරනුයේ ඔහුගේ අපේක්ෂාවට විරුද්ධ ව ය.
  • සුර පැළඳීම ඇස්වහ සහ හානිය වළක්වා ගැනීමට හේතුවක් බව විශ්වාස කිරීම සුළු පරිමාණයේ ෂිර්ක් හෙවත් දේව ආදේශයකි. සැබැවින්ම එමඟින් ප්‍රයෝජනය ලැබෙනු ඇතැයි යමෙකු විශ්වාස කිරීම මහත් ෂිර්ක් - ආදේශයක් වේ.