අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය." මෙය තුන්වරක්ම පවසා සිටියහ. صحيح - رواه مسلم
explain-icon

විවරණය

තම ආගම හා තම ලෞකික කටයුතුවල දී ද, තම ප්‍රකාශවල හා ක්‍රියාවල දී ද -කිසිදු මඟපෙන්වීමකින් හා දැනුමකින් තොරව- අන්තවාදී ලෙස කටයුතු කරන්නන්ගේ විනාශය හා අලාභය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ ආගමික සීමාවන් ඉක්මවා යන්නෝ මොවුහුය.

explain-icon

හදීසයේ හරය

  • අන්තවාදය සහ සියලු කාරණාවලදී බලපෑම් කිරීම, තහනම් කිරීම, සෑම කටයුත්තකදීම එය වළක්වා ගැනීම සඳහා දිරි ගැන්වීම. විශේෂයෙන්ම නැමදුම් සහ ධාර්මිකයින් මහිමයට පත් කිරීමේ දී ප්‍රවේසම් විය යුතුය.
  • නැමදුම්වල දී හා ඒ හැර වෙනත් කටයුතුවල දී පූර්ණත්වය පැතීම ප්‍රශංසනීය කරුණකි. එය ෂරීආ නීතිය අනුගමනය කිරීමෙන් විය යුතුය.
  • වැදගත් කරුණු සහතික කිරීම සතුටුදායකය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රකාශය තුන්වරක්ම පවසා ඇත.
  • ඉස්ලාමයේ උතුම්භාවය සහ එහි පහසුව.