බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කර සිටියි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් භට පිරිසක් හෝ ගවේෂණ කණ්ඩායමක් හෝ දේවත්වය ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරී පිරිසක් සමග සටන් කිරීම සඳහා එවන විට, ඔවුන්ගේ ඒකීයත්වය ආරක්ෂා කරනු පිණිසත් ඔවුන්ගේ කටයුතු විධිමත් කරනු පිණිසත් ඔවුන් මත නායකයකු නියම කරයි. පසුව අල්ලාහ් පිළිබඳ බැතිමත්ව කටයුතු කරන මෙන් ද ඔහු සමග වූවන් සමග යහපත් ලෙස කටයුතු කරන මෙන් ද ඔහුට එතුමා උපදෙස් දෙයි. සතුරන් සමග ඔවුන් කටයුතු කළ යුතු ආකාරය ද එතුමා ඔවුනට මග පෙන්වීය. වංචනිකභාවය, කූටකම, දේහ විකෘති කිරීම හා වැඩිවියට පත් නොවූවන් ඝාතනය කිරීමෙන් වැළකී සිටින මෙන් ද මග පෙන්වීය. තවදුරටත් දේව ප්රතික්ෂේපකයින් සමග කටයුතු කිරීමේදී පළමුව ඉස්ලාමය වෙත ඇරයුම් කිරීමෙන් ආරම්භ කිරීම ඔවුන්ගේ වගකීම බව පෙන්වා දුන්හ. එයට ඔවුන් පිළිතුරු දුන්නේ නම් ඔවුන් මදීනාව වෙත නික්ම යෑමට දිරි ගන්වන මෙන් ද මුල් මුහාජිරීන්වරුනට සතු කුසල් ඔවුනට හිමි බවත් මුහාජිර්වරුන්ට කවර අයිතිවාසිකම් හා වගකීම් ඇත්තේ ද එය ද ඔවුන් වෙත පවතින බවත් ඔවුනට දන්වා සිටින මෙන් පැවසීය. නමුත් ඔවුන් හිජ්රත් (නික්ම යෑමට) ප්රතික්ෂේප කළේ නම් මුස්ලිම් ගම්බද අරාබිවරුන් සමග ගනුදෙනු කරන පරිදි ඔවුන් සමගත් කටයුතු කළ යුතු වේ. නමුත් ඔවුන් ඉස්ලාමය ප්රතික්ෂේප කළේ නම්, ඔවුන්ගෙන් ජිසියා බදු අය කළ යුතු වේ. එය ගෙවීමට ඔවුන් ප්රතික්ෂේප කළේ නම් අල්ලාහ්ගෙන් උදව් පතා ඔවුන් සමග අරගල කළ යුතු වේ. බලකොටු වාසීන් කොට කර ගත් විට ඔවුනට අල්ලාහ්ගේ ප්රතිඥාව හා ඔහුගේ දූතයාණන්ගේ ප්රතිඥාව ඔවුනට නොදිය යුතුය. එසේ ඔවුන්ගේ ප්රතිඥාව ඔවුනට පිරිනැමුවේ නම්, ඔවුන්ගේ ගිවිසුම එසේ කඩ කිරීම අල්ලාහ්ගේ ගිවිසුම හා ඔහුගේ දූතයාණන්ගේ ගිවිසුම කඩ කිරීමට වඩා පාපයෙන් ඉතා සුළු වන බැවිණි. එසේ අල්ලාහ්ගේ නීතිය ඔවුන් අතර නීතිගත කරන්නැයි ඔවුන් ඉල්ලා සිටි විටෙක ස්වකීය නීතිය අනුව කටයුතු කිරීමට නොහැකිව අල්ලාහ්ගේ නීතිය මත පමණක්ම ක්රියාත්මක වනු ඇත. එවිට ඔවුන් අතර පවතින අල්ලාහ්ගේ නීතිය ඔවුන් ක්රියාත්මක කළ නොහැකි වේ. සැබැවින්ම ඔවුහු ඔවුන් සමග කටයුතු කළ යුත්තේ ඔවුන්ගේ නීතිය මත පදනම්ව හා ඔවුන් ගැන පරිශීලනය කිරීමේ පදනම මත සිටය.