තමන්ට ඇහුන්කන් දීමට හා අවනත වීමට නියෝග කරමින් තම අයිතීන් පමණක් ජනතාවගෙන් ඉල්ලා හිඳ, ඔවුන් කෙරෙහි නියම වූ යුක්තිය පසදලීම, පොදු දේපල නිසි අයුරින් බෙදා දීම, අපරාධ වළක්වාලීම හා සමසේ කටයුතු කිරීම යනාදී මිනිසුන්ගේ වගකීම් පැහැර හරින පාලකයින් පිළිබඳව හා ඔවුන් සමග අප කටුයුතු කළ යුත්තේ කෙසේදැ?යි ඔබ අපට අණ කර සිටින්නේ කුමක්දැයි යන වග නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ එය නොසළකා හැරියහ. එම ප්‍රශ්ණය එතුමාණෝ පිළිකුල් කර සිටියාක් මෙන් විය. නමුත් ප්‍රශ්න කරන්නා දෙවන තුන්වන වතාවටත් එසේ ප්‍රශ්න කර සිටියේය. එවිට අසා සිටින්නා නිහඩ කිරීම සඳහා අෂ්අස් ඉබ්නු කයිස් (රළියල්ලාහු) තුමා ඔහුව පැත්තකට ඇද්දේය. එවිට, සල්ලල්ලාහු තුමාණෝ පිළිතුරු දෙන්නට වූහ: “නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුන්ගේ කටයුතුවල දී ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පැවරෙනුයේ යුක්තිය පසඳලීම හා පාලනය සතු වගකීම් ඉටු කිරීම යනාදී පැවරුණු වගකීම් ය. නුඹලා මත පැවරෙනුයේ අවනත වීම, වගකීම් ඉටු කිරීම පරීක්ෂණ මත ඉවසීමෙන් කටයුතු කිරීම යනා දී පැවරුණු වගකීම්ය.