තමන්ගේ මරණයෙන් පසු බොරු පවසන පාලකයෝ ජනතාව අතර පත් වන බවත් ඔවුන් සිදු නොකරන දෑ පවසා සිටින බවත්, තීන්දු තීරණවල දී අපරාධකම් සිදු කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා, කවරෙකු ඔවුන් වෙත පිවිස ඔවුන්ගේ බොරුව සහතික කර, අපරාධකාරී ක්‍රියාවට හෝ ප්‍රකාශයට ඔවුනට සහාය දෙන්නේ ද, සැබැවින්ම මම ඔහුගෙන් නිදොස් වූයෙමි. ඔහු මගෙන් කෙනෙකු නොවන අතර මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හව්ලුල් කව්සර් හෙවත් මාගේ තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. එමෙන්ම කවරෙකු ඔවුන් වෙත නො ගොස් ඔවුන්ගේ බොරුව සහතික නොකර, ඔවුන්ගේ අපරාධය සඳහා ඔවුනට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා සතු වන තටාකය වෙත පැමිණෙනු ඇත.