නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ගෙන් මෙසේ විමසා සිටියහ: ඔබේ ක්‍රියා අතරින් ශ්‍රේෂ්ඨ, වඩාත් ගෞරවනීය, වඩාත් උසස්, වඩාත් පිවිතුරු, සර්වබලධාරී රජු අල්ලාහ් ඉදිරියේ වඩාත් සුවිශුද්ධ වූ දෑ මම ඔබට හඳුන්වා දී ඔබව දැනුම්වත් කිරීම ඔබ ප්‍රිය කරන්නෙහු ද? ස්වර්ගයේ ඔබේ තරාතිරම් අතර වඩාත් උසස්? රන් හා රිදී දන් දීමට වඩා ඔබට උතුම්? ඔබේ සතුරා වෙත ගොස් ඔබ ඔවුන්ගේ ගෙල සිඳ දමා ඔවුන් ද ඔබගේ ගෙල සිඳ දැමීමට වඩා ඔබට ශ්‍රේෂ්ට දෑ වූ දෑ (මම ඔබට හඳුන්වා දී ඔබව දැනුම්වත් කිරීම ඔබ ප්‍රිය කරන්නෙහු ද?) සහාබාවරු: "එසේය, අපි එය ප්‍රිය කරන්නෙමු" යැයි පැවසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "සෑම කාලවල දී සෑම තත්ත්වයකම හා සෑම ස්වරූපයකම උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම" යැයි පැවසූහ.