යම් භූමියකට ගොඩ බැස්ස විට මිනිසාට බිය ඇති කරන සෑම අනතුරුදායක දැයින්ම රැකවරණය ලබන ප්‍රයෝජනවත් රැකවරණයක් හා ආරක්ෂාවක් වෙත නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම ප්‍රජාවට මඟ පෙන්වූහ. එය ඔහු ගමනක යෙදී සිටියත්, විනෝද චාරිකාවක යෙදී සිටියත්, වෙනත් යම් කරුණක යෙදී සිටියත් එක හා සමානය. එය මහිමයෙන්, ආශිර්වාදයෙන් හා ප්‍රයෝජනයෙන් පිරුණු අල්ලාහ්ගේ පරිපූර්ණ වදන් තුළින් සෑම අඩුපාඩුවකින්ම හානිදායක, සෑම මැවීමකින්ම ආරාක්ෂාව පැතීමෙනි. එවිට ඔහු අදාළ ස්ථානයේ නවාතැන් ගන්නා කාලය පුරාවට ඔහුට හානි ගෙන දෙන සෑම දෙයකින්ම ආරක්ෂාව ලබනු ඇත.