නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම නිදියහනට පැමිණි විට එතුමා සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම නිදියහනට පැමිණි විට “අල්හම්දු ලිල්ලා හිල්ලදී අත්අමනා වසකානා වකෆානා වආවානා, ෆකම් මිම්මන් ලා කාෆිය ලහූ වලා මුඃවියි.” (අපට ආහාර පාන ලබා දී, අප සෑහීමට පත් කොට, අපට නවාතැනක් ලබා දුන් අල්ලාහ්ටම සියලු ප්රශංසා. සෑහීමට තරම් ප්රමාණයක් නැති, නවාතැන් ගන්නට තැනක් නැති කොපමණ දෙනෙක් සිටත් ද?) යැයි පවසන්නෙකු වූහ. එතුමා තමන්ට ආහාර පාන සැපයූ අල්ලාහ්ට ප්රශංසා කරයි. ඊට හේතුව සැබවින්ම අල්ලාහ් එම ආහාර හා පාන ලබන්නට ඔහු ඔබට පහසු නොකළේ නම් ඔබ එය අනුභව නොකරනු ඇත. පානය නොකරනු ඇත. එබැවින් ඔබට ආහාර පාන සැපයූ අල්ලාහ්ට ‘අත්අමනා වසකානා වකෆානා වආවානා, කෆානා යනුවෙන් ප්රශංසා කළ යුතු වේ. එනම් ඔහු එම කරුණු අපට පහසු කළේය. වියදම අපට ප්රමාණවත් කළේය. වාසස්ථානයක් අපට ලබා දුන්නේය එනම් අප නවාතැන් ගැනීම සඳහා අපට වාසස්ථානයක් ඇති කළේය. තවත් කොපමණ මිනිසුන් ඒ සඳහා ප්රමාණවත් දෑ නොමැතිව නවාතැන් නොමැතිව වියදම් කිරීමට නොහැකිව පසු වන්නේ ද! එහෙයින් ඔබේ නිදියහනට ඔබ පැමිණි විට මෙම අනුවාදය පැවසිය යුතු වේ.