සුළඟට දොස් නැගීම හෝ ශාප කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම එය එහි මැවුම්කරුගේ නියෝගය මත ක්‍රියාත්මක වන්නකි. එය ආශිර්වාදය හෝ දඬුවම හෝ ගෙන දෙනු ඇත. එයට දොස් නැගීම එහි මැවුම්කරුවන දෙවියන් වහන්සේට දොස් නැගීමක්, ඔහුගේ නියමය කෙරෙහි කෝපවීමක් වන්නේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එහි මැවුම්කරු අල්ලාහ් වෙත යොමුවන්නට මග පෙන්වූහ. එය එහි යහපත, එහි තුළ ඇති යහපත හා එය කවර කරුණක් සඳහා එවනු ලබන්නේ ද එහි යහපත එනම් වර්ෂාව ගෙන දීම,බීජ ව්‍යාප්ත කිරීම යනාදී යහපත පැතීමෙන් හා එහි අයහපත, එහි තුළ ඇති අයහපත හා එය කවර කරුණක් සඳහා එවනු ලැබුවේ ද එහි අයහපත, එනම් ගහකොළ පැළෑටි විනාශ වී යාම, ගොවිපළ සතුන් විනාශ වී යාම හා ගොඩනැගිලි කඩා වැටීම වැනි අයහපත් දැයින් ආරක්ෂාව පැතීමෙනි. මෙලෙස අල්ලාහ්ගෙන් අයැද සිටීම අල්ලාහ් වෙනුවෙන් වන ගැතිභාවය සහතික කරනු ඇත.