අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරිය වූ මෙලොව හා මතුලොව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාව වූ ආඉෂා තුමිය අපට මෙසේ දන්වා සිටියාය. මෙය ශුද්ධ වූ නබිතුමාණන්ගේ පිළිවෙතයි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම රාත්රියකම නිදා ගන්නට ගත් විට එතුමාගේ අත් දෙක එකට එකතු කර පසුව ඒ දෙකෙහි කෙල නොතැවෙරෙන පරිදි සියුම් ලෙස පිඹ, ඒ දෙකෙහිම ‘කුල් හුවල්ලාහු අහද්’, ‘කුල් අඌදු බිරබ්බිල් ෆලක්’ මෙන්ම ‘කුල් අඌදු බිරබ්බින් නාස්’ යන සූරාවන් පාරායනය කරන්නෙකු වූහ. එය පළමුව පිඹ පසුව පාරායනය කළ ද එසේ නැතහොත් පළමුව පාරායනය කොට පිම්ඹ ද එහි හානියක් නැත. ඊට හේතුව මෙම හදීසය පිළිවෙලක් හා එකිනෙකට පරව පවතින්නක් වෙත පෙන්වා දී නැති බැවිණි. පසුව තමන්ගේ ශරීරයෙන් තම හිස තම මුහුණ හා තම ශරීරයේ ඉදිරි කොටසින් ආරම්භ කරමින් ඒ දෙකින් පිරිමැද්දාහ. අල් කුර්ආනය පාරායනය කිරීම, පිඹීම හා පිරිමැදීම යන කරුණු තුන්වරක් බැගින් එතුමා එසේ සිදු කරන්නට වූහ.