සැබැවින්ම මියගිය තැනැත්තාගේ ක්‍රියාවන් ඔහු මිය යෑමත් සමග විසන්ධි වී යනු ඇත. ඔහුගේ මරණයෙන් පසු මෙම කරුණු තුන තුළ දී හැර වෙනත් කිසිදු යහපතක් ඔහු ලබන්නේ නැත. ඔහුට ඒ සඳහා හේතු වනුයේ: පළමුව: පුණ්‍යභාරය, මස්ජිද් ඉදි කිරීම, පොදු ලිං තනා දීම වැනි ප්‍රතිඵල ගලා යන, විසන්ධි නොවන, සමාජයට සදහටම පවතින දානයයි. දෙවැන්න: දැනුමෙන් සපිරුණු පොත් පත් නිර්මාණය කිරීම, පුද්ගලයකුට ඉගැන්වීම වැනි සෙසු මිනිසුන් ප්‍රයෝජනය ලබන දැනුමයි. එය ඔහුගේ මරණයෙන් පසු එය පැතිර යාමෙන් අදාළ තැනැත්තා එය ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන බැවිනි. තුන්වැන්න: තම දෙමාපියන්ට ප්‍රාර්ථනා කරන දේවත්වය විශ්වාස කරන දැහැමි දරුවා.