explain-icon

විවරණය

නැමදුම් අතර උත්තරීතර අල්ලාහ් අබියස ප්‍රාර්ථනාවට වඩා උතුම් වෙනත් දෙයක් නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කරයි. ඊට හේතුව ඒ තුළ උත්තරීතර අල්ලාහ්ගේ පොහොසත් කම පිළිගැනීමත්, ගැත්තාගේ නොහැකියාව හා ඔහු වෙත වූ අවශ්‍යතාව පිළිගැනීමත් ඇතුළත්ව තිබෙන බැවිනි.

explain-icon

හදීසයේ හරය

  • ප්‍රාර්ථනාවේ මහිමය: කවරෙකු අල්ලාහ්ගෙන් පතන්නේ ද ඔහු ඔහුව ගෞරවයට පත් කළ අයෙකි. සුවිශුද්ධයාණන් ස්වාධීන, පොහොසත් බව පිළිගත් අයෙකි. දුප්පතාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු සවන් දෙන්නාය. බිහිරාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු ත්‍යාගශීලීය. මසුරාගෙන් පතනු නොලැබේ. සැබැවින්ම ඔහු කාරුණිකය, දැඩි භාවය ඇත්තාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු බලවතාය. නොහැකි තැනැත්තාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු ඉතා සමීපය. දුරස්ව සිටින්නාගෙන් පතනු නොලැබේ. ශුද්ධ වූ අල්ලාහ්ට මෙවන් අලංකාර හා කීර්තිමත් වෙනත් ගුණාංග ද ඇත.