මුස්ලිම්වරයකු තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. මක්නිසාද යත් එය වඩාත් අවංකව සිදු කරන බැවිනි. එසේ ප්‍රාර්ථනා කරන්නාගේ හිස අසළ නියම කරන ලද මලක්වරයකු වෙයි. තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම අවස්ථාවකම ඔහු වෙනුවෙන් පත් කරන ලද මලක්වරයා: ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබ ප්‍රාර්ථනා කළ දෑ ඔබට ද හිමි වේවා‘ යැයි පවසනු ඇත.