විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශණය කිරීම හා පුරසාරම් දෙඩීම සඳහා හෝ මම නුඹලා මෙන් විද්වතෙක්මි යැයි පෙන්වීම සඳහා හෝ බුද්ධි හීනයන් හා අඥානයින් සමග කතා කර වාද කිරීම සඳහා හෝ සභාවන්හි පෙනී සිට අනෙකාට වඩා තමන්ට ප්‍රමුඛත්වය ලැබීම සඳහා දැනුම සෙවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එහෙයින් කවරෙකු එසේ සිදු කළේ ද ඔහුගේ මුහුණිච්ඡාව හේතුවෙන් සහ දැනුම සෙවීමේ දී අල්ලාහ්ට අවංක නොවූ බැවින් සැබැවින්ම ඔහු අපා ගින්නට සුදුසුකම් ලබන්නේය.