හදීසයේ අර්ථය: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතුරින් පළමුව තීන්දු දෙනු ලබනුයේ කණ්ඩායම් තුනකටය: මූණිච්චාවට ඉගැන්වූ අය, මූණිච්චාවට සටන් කළ අය හා මූණිච්චාවට දන් දුන් අය වෙති. පසුව අල්ලාහ් එදින ඔවුන් කැඳවා ඔවුනට හිමි ආශිර්වාදයන් පිළිබඳ දන්වා සිටියි. ඔවුහු එය හඳුනා ගෙන ඒවා පිළිගනිති. ඔවුන් සෑම කෙනෙකුගෙන්ම ප්රශ්න කරනු ලැබේ. ඔබ කුමක් සිදු කළෙහි ද එනම් මෙම ආශිර්වාදයන්ට කෘතගුණ සැලකනු වස් කුමක් සිදු කළෙහිද යැයි ප්රශ්න කරයි. එවිට පළමුවැන්නා: මම දැනුම හැදෑරුවෙමි ඔබ විෂයයෙහි අල් කුර්ආනය කියෙව්වෙමි යැයි පවසයි. එවිට අල්ලාහ්: ඔබ බොරු පැවසුවෙහිය. නමුත් ඔබ විද්වතෙකු යැයි හඳුන්වාගනු පිණිස දැනුම හැදෑරුවෙහිය ඔබ කාරි වරයකු යැයි හඳුන්වාගනු පිණිස අල් කුර්ආනය කියෙව්වෙහිය. එය අල්ලාහ් වෙනුවෙන් නොව මූණිච්චාව හේතුවෙනි යැයි පවසනු ලැබේ. පසුව ඔහුට නියෝග කරයි. නිරයේ ගින්නට මුණින් ඇදගෙන ගොස් හෙළනු ලැබේ. මොහුට පසු පවසනු ලැබූ උදවියගේ තත්ත්වයද එලෙසමය.