අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අම්ර් ඉබ්නු ෂුඅයිබ් තුමා විසින්, තම පියා විසින් ද පියා සීයා විසින් ද ලබා මෙසේ වාර්තා කරන ලදී. “ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.” حسن - رواه أبو داود
explain-icon

විවරණය

පියෙකු තම පිරිමි හෝ ගැහැණු දරුවන්ට ඔවුන්ගේ සත්වන වියේ දී සලාතය ඉටු කිරීමට නියෝග කරන මෙන් ද, එය ඉටු කිරීමට අවශ්‍ය දෑ ඔවුනට උගන්වන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වස්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. ඔවුන් දස වන වියට පත් වන විට, නියෝගයෙහි දැඩි ස්ථාවරයක් ඇති කර ගත යුතුය. එහි දී යම් අඩුපාඩුවක් කළ විට යම් තරවටු කිරීමක් කළ යුතුය. තව ද නිදියහනේ ඔවුන් අතර වෙන් කිරීම් සිදු කළ යුතුය.

explain-icon

හදීසයේ හරය

  • කුඩා දරුවන් වැඩිවියට පත්වීමට පෙර ආගමික කරුණු ඉගැන්වීම. ඒ අතරින් වඩාත්ම වැදගත් වන්නේ සලාතය පිළිබඳ දැනුමයි.
  • තරවටු කිරීම විනය හැදීම සඳහා මිස වේදනා කිරීම සඳහා නොවිය යුතුය. තත්ත්වයට ගැලපෙන අයුරින් එම තරවටු කිරීම පිහිටිය යුතුය.
  • ගෞරවය රැකීමට හා දූෂණය වෙත යොමු කරන සෑම මාර්ගයක්ම අවහිර කිරීමට ෂරීආව අවධානය යොමු කරයි.