පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. එවිට ඔවුන් එතුමාණන් සමීපයට ගිය කල්හි, ඔවුහු එතුමාණන්ට -එතුමාණන් ප්‍රිය නොකරන ඇතැම් වචන භාවිත කරමින් ප්‍රශංසා කළෝය. එවිට ඔවුහු "ඔබ අපේ නායකයාණන්ය." යැයි පැවසූහ. එවිට එතුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” මැවීම් කෙරෙහි වූ පූර්ණ නායකත්වය ඔහු සතුය. මැවීම් ඔහුගේ ගැත්තෝ වෙති. "ඔබ අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය." යැයි පැවසුවෝය. එනම් නිලයෙන් ගෞරවයෙන් හා භාග්‍යයෙන් අපට වඩා උසස්ය. තවද, "ඔබ අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ උසස්කමින් උදාරත්වයෙන් හා ගෞරවයෙන් අපට වඩා ඉමහත්ය. පසුව ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රකාශයෙන් කතා කරන මෙන් ද, බර වචන නොයෙදෙන මෙන් ද තහනම් කරන ලද දේව ආදේශය හා එහි මාධ්‍යයන් තුළට ෂෙයිතාන් ඇද ගෙන යන්නට බලන පුරසාරම් දෙඩීමෙන් හා ඉහවහා ප්‍රශංසා කිරීමෙන් වැළකි සිටින මෙන් ද ඒවා වෙත ෂෙයිතාන් ඔවුන් ඇදගෙන නොයා යුතු මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට මඟ පෙන්වූහ.