ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙම ශුද්ධ වැකිය විස්තර කර සිටියේ: සැබැවින්ම අල්ලාහ් මෙනෙහි කළ මෙම දෙවිවරුන් නූහ් (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ්ට ආදේශ කිරීමෙන් එතුමාගේ ජනයා ව වැළැක් වූ පසු, ඒවාට නැමදුම් කිරීමෙහි ඔවුහු අඛණ්ඩව නිරත වී සිටි බවයි. මේවා ඔවුන් අතර සිටි දැහැමි පුද්ගලයින්ගේ නම් වේ. ෂෙයිතාන්ගේ පෙළඹවීම ඔස්සේ ඔවුන්ගේ පිළිරූ සිටවන තෙක් ඔවුහු ඔවුන් අතර අතිශයෝක්තියෙන් කටයුතු කළෝය. ඒ අනුව මෙම පිළිරූ අල්ලාහ් හැර නැමදුම් ලබන පිළිම බවට පත්වීමේ නැඹුරුතාව ඇති විය.