අදී ඉබ්නු හාතිම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ‘අල්ලාහ්ගෙන් තොරව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද ඔවුන්ගේ ආගමික නායකයින් ද මර්යම්ගේ පුත් මසීහ්ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය. එහෙත් එකම දෙවිඳෙකුට හැර (අන් කිසිවෙකුට) නැමදීමට ඔවුහු අණ කරනු නොලැබුවෝය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය.’ (යන තේරුම දෙන අල් කුර්ආන් 9:31 වන) පාඨය කියවනු තමන්ට ඇසුණු බව දන්වමින් හෙතෙම: ‘සැබැවින්ම අපි ඔවුන් නමදින්නන් නොවෙමු’ යැයි පවසා සිටියෙමි. එවිට එතුමා ‘අල්ලාහ් අනුමත කළ දෑ ඔවුන් තහනම් කර; පසු ව නුඹලා ද එය තහනම් නොකරන්නෙහුද? එමෙන්ම අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් අනුමත කර; පසු ව නුඹලා ද එය අනුමත නොකරන්නෙහුද?’ එවිට මම ‘එසේය’ යැයි පිළිතුරු දුනිමි. ‘එයයි ඔවුනට නැමදුම් කිරීම’ යැයි පැවසීය. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

යුදෙව්වන් හා කිතුනුවන් ගැන සඳහන්, සැබැවින්ම ඔවුන්ගේ විද්වතුන් හා ඔවුන්ගෙන් අදහන්නන් දෙවියන් ලෙස තමන් පත් කර ගෙන ඇති බවත් අල්ලාහ්ගේ පිළිවෙතට විරුද්ධ වන දෑ ඔවුන් වෙනුවෙන් දහම්ගත කර ඇති බවත් එහිදී ඔවුන් ඔවුන්ව පිළිපදින බවත් තොරතුරු සඳහන් වන දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සද්ගායනා කළ මෙම පාඨයට කීර්තිමත් මෙම සහගාමියා සවන් දුන් අවස්ථාවේ, එහි අර්ථය පිළිබඳ ගැටලුවක් ඔහුට ඇති විය. සැබැවින්ම ඔහු සිතුවේ නැමදුම යනු සිරස නැමීම හා එවන් කටයුතුවලට පමණක් සීමාවූවක් බවයි. එවිට දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම විද්වතුන් හා ආගමික නායකයින් නැමදීම යනු උත්තරීතර අල්ලාහ් හා ඔහුගේ දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නිතියට පටහැනිව ඔවුන් අනුමත කළ දෑ තහනම් කිරීමෙහි හා තහනම් කළ දෑ අනුමත කිරීමෙහි ඔවුනට අවනත වීමයි. යනුවෙනි.

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ්ගේ නීතිය වෙනස් කිරීමෙහි විද්වතුන් හා වෙනත් මැවීම්වලට අවනත වීම සැබැවින්ම එසේ අවනත වන්නා එය අල්ලාහ්ගේ පිළිවෙතට ඔවුන් පටහැනිව කටයුතු කරන බව දැනගෙන සිටි විටක එය -අල්ලාහ්ට කරන- මහත් ආදේශයක් වන්නේය.
  • සැබැවින්ම අනුමත කිරීම හෝ තහනම් කිරීම උත්තරීතර අල්ලාහ් සතු කාර්යයකි.
  • ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ තැබීමේ වර්ග අතරින් එක් වර්ගයක් පැහැදිලි කිරීම. එය අවනත වීමෙන් ඇතිවන ආදේශයයි.
  • නොදන්නා කෙනෙකුට ඉගැන්වීම ආගමානුගත කරන ලද්දකි.
  • සැබැවින්ම නැමදුම යනු පුළුල් දෙයකි. එය අල්ලාහ් ප්රිය කරන ඔහු තෘප්තියට පත්වන බාහිර මෙන්ම අභ්යන්තර සියලු ප්රකාශ ක්රියාවන් ඇතුළත් කර ගත්තකි.
  • විද්වතුන් හා ආගමික නායකයින්ගේ මුළාව පිළිබඳ විස්තර කිරීම.
  • යුදෙව්වන්ගේ හා කිතුනුවන්ගේ දේව ආදේශය ස්ථීර කිරීම.
  • දහම් දූතවරුන්ගේ ආගම එකමය. එය තව්හීද් හෙවත් ඒක දේවවාදී ප්රතිපත්තියයි.
  • මැවුම්කරුට පිටුපාන කටයුතුවලදී මැවීම්වලට අවනත වීම ඒවාට කරන නැමදුමක් වේ.
  • සැඟව ඇති යථාර්ථය පිළිබඳ දැනුමැත්තන්ගෙන් විස්තර අසා දැන ගැනීම අනිවාර්යය කටයුත්තකි.
  • අධ්යාපනය කෙරෙහි සහගාමීන් අතර තිබූ උනන්දුව.
explain-icon

අමතර