අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අශුභවාදය තම අවශ්යතාවන් ඉටු කර ගැනීමෙන් කවරෙකු වළක්වාලන්නේ ද සැබැවින්ම ඔහු ආදේශ තැබීය. ඒ සඳහා ප්රතිකර්මය කුමක් දැ?යි ඔවුහු විමසූහ. එතුමා: ‘අල්ලාහුම්ම ලා හයිර ඉල්ලා හයිරක වලා තයිර ඉල්ලා තයිරක වලා ඉලාහ ගයිරක’ යැයි පැවසීමයි. (අහෝ දෙවිඳුනි! ඔබේ යහපත හැරෙන්නට වෙනත් යහපතක් නැත. ඔබේ අශුභවාදය හැරෙන්නට වෙනත් අශුභවාදයක් නොමැත. ඔබ හැර වෙනත් දෙවියෙකු නැත.)” පූර්ව සාධක සහිත හදීසයකි - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මෙම හදීසයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවරෙකු ස්ථීර කර ගත් කරුණක් ක්රියාත්මක කිරීමෙන් අසුභවාදය ඔහුව වළක්වන්නේ ද සැබැවින්ම ඔහු ආදේශභාවයේ කරුණක් වෙත පැමිණ ඇති බව දන්වා සිටියහ. මෙම මහත් පාපය සඳහා ප්රතිකර්මය ගැන අනුගාමිකයින් එතුමාණන්ගෙන් විමසා සිටි කල්හි, හදීසයේ සඳහන් පරිදි, කටයුතු අල්ලාහ් වෙත යොමු කරවන; ඔහු හැර වෙනත් කෙනෙකුට බලයක් නොමැති බව දනවන කරුණු ඇතුළත් මහඟු වාක්යය වෙත එතුමා ඔවුනට මග පෙන්වීය.

explain-icon

හදීසයේ හරය

  • කවරෙකුගේ අවශ්යවන්ගෙන් ඔහු ව අශුභවාදය වළක්වන්නේ ද ඔහුගේ ආදේශභාවය තහවුරු කිරීම.
  • ආදේශ තබන්නාගේ පසුතැවිල්ල පිළිගැනීම.
  • අශුභවාදයේ වැටුනු අයකු කිව යුතු දෑ වෙත මඟපෙන්වීම.
  • සැබැවින්ම යහපත හා අයහපත උත්තරීතර අල්ලාහ්ගේ නියමය පරිදි සිදුවන්නකි.
explain-icon

අමතර