අසුභවාදය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එනම් කුරුල්ලන්, සතුන්, ආබාධ සහිත පුද්ගලයින්, අංක, දින හෝ වෙනත් ඕනෑම දෙයක් ගැන අසන ලද හෝ දකින ඕනෑම දෙයක් සම්බන්ධයෙන් සුභ අසුභවාදය බැලීමය. එතුමාණන් අසුභවාදය ගැන සඳහන් කළේ, එය ඉස්ලාමයට පෙර වූ අඥාන යුගයේ ප්‍රසිද්ධියට පත්ව තිබූ නිසා ය. එහි මූලාරම්භය වන්නේ ගමනක, වෙළඳාමක හෝ වෙනත් ඕනෑම දෙයක යෙදෙන විට කුරුල්ලකු මුදා හැරීමයි. එවිට එය දකුණට පියාසර කරන්නේ නම්, එය ශුභවාදී වේ. ඒ අනුව ඔහුට අවශ්‍ය දේ සිදු කරයි. එය වමට පියාසර කරන්නේ නම්, එය අශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දේවලින් ඉවත් ව සිටියි. සැබැවින්ම එය ෂිර්ක් හෙවත් දේවත්වයට ආදේශ කිරීමක් බව එතුමාණෝ දන්වා සිටියහ. අසුභවාදය ෂිර්ක් වනුයේ සැබැවින්ම අල්ලාහ් හැර වෙනත් කිසිවකුට යහපත සැළසිය නොහැකි බැවින් හා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නපුර වළක්වන නොවන බැවිනි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා සඳහන් කළේ, මුස්ලිම්වරයෙකුගේ හදවතේ යම් අශුභවාදී හැඟීම් ඇති විය හැකි නමුත්, ක්‍රියාමාර්ග ගැනීමත් සමඟම අල්ලාහ් මත විශ්වාසය තැබීමෙන් ඔහු එය වළක්වා ගත යුතු බවයි.