සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අඥාන යුගයේ ක්රියා කළ ක්රමයට අනුව හූනියම, හූනියම තුළින් ඉවත් කිරීම වැනි මන්ත්ර ගුරුකම් තුළින් ප්රතිකාර කිරීම පිළිබඳවත් එහි නීතිය කුමක්ද යන්න ගැනත් විමසන ලදී. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම එය ෂෙයිතාන්ගේ ක්රියාවන්ගෙන් එකක් බවත් එසේ නැතහොත් එය ඔහුගේ මාධ්යයක් බවත් පිළිතුරු දුන්හ. ඊට හේතුව එය සිදුවනුයේ ඉන්ද්රජාලික ක්රමවේදයකින් හා සාතානීය ප්රයෝග තුළිනි. එය දේව ආදේශයක් මෙන්ම තහනම් කරන ලද්දකි. අනුමත කරන ලද ගුරුකම් වනුයේ: හූනියම ආගමානුකූල මැතිරීම් හෝ සොයා ගැනීම් තුළින් ඉවත් කිරීම හා අල් කුර්ආන් කියවීම සමග හා අනුමත ප්රාර්ථනාවන් තුළින් අතින් එය ඉවත් කිරීමයි.