නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා අතර ඇතැම් ක්‍රියාවන්හි නිරත වන අයට "ඔහු අප අතරින් නොවන්නේය" යනුවෙන් ප්‍රකාශ කර එතුමාණෝ අනතුරු ඇඟවූහ. පළමු වැන්නා: "අශුභවාද කියන්නා හා අශුභවාද පවසන මෙන් විමසා එසේ කියනු ලබන්නා." එහි මූලික කරුණ වනුයේ, ගමනක්, වෙළඳාමක් හෝ වෙනත් ක්‍රියාවක් ආරම්භ කරන විට කුරුල්ලෙකු නිදහස් කර, එය දකුණට පියාසර කරන්නේ නම්, එය ශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දේ සඳහා ඔහු ඉදිරියට යයි. එය වමට පියාසර කරන්නේ නම්, එය අශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දැයින් ඔහු ඉවත් වේ. මෙය ස්වයං ලෙස සිදු කිරීමට හෝ ඔහු වෙනුවෙන් සිදු කිරීමට යමෙකුට පැවරීමට හෝ අනුමත නැත. කුරුල්ලන්, සතුන්, ආබාධ සහිත පුද්ගලයින්, අංක, දින හෝ ඇසෙන හෝ පෙනෙන වෙනත් ඕනෑම දෙයක් එසේ බැලීම ශුභ/අශුභවාදී අදහස් තුළට ඇතුළත් වේ. දෙවැන්නා: "ජ්‍යොතිෂවාදියා හා ජ්‍යොතිෂය ගැන විමසා එසේ කියනු ලබන්නා." යමෙක් තාරකා හා වෙනත් දේ යොදාගෙන නොපෙනෙන දේ ගැන වාද කරන්නේ ද, එසේත් නැතිනම් සූපශාස්ත්‍රඥයෙකු වැනි අදෘශ්‍යමාන දැනුමක් ඇති බව පවසන කෙනෙකු වෙත ගොස් අදෘශ්‍යමාන දැනුම තිබෙන බව පවසමින් ඔහු කියන දේ විශ්වාස කරයි ද ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට හෙළිදරව් කරන ලද දෑ ප්‍රතික්ෂේප කළ අයෙකි. තුන්වැන්නා: "හූනියම් කරන්නා හා හූනියම් කරන මෙන් විමසා එසේ හූනියම් කරනු ලබන්නා" එනම් කිසිවකුට සෙත සැලසීමට හෝ හිංසාවක් කිරීමට හෝ ස්වයංව හූනීයම් සිදු කරන්නා හෝ ඔහු වෙනුවෙන් හූනියම් සිදු කිරීම සඳහා වෙනත් කෙනෙකුට පවරන්නාය. එසේත් නැතහෝ නූලක ගැට කිහිපයක් ගැටගසා තහනම් කරන ලද ආරක්ෂාව ලබන ප්‍රකාශ කියවමින් ඒ මත පිඹ හූනියම් කරන්නාය.