හජ්ජතුල් වදා නම් අවසන් හජ් සමයේ අවුරුදු දින අකබාවට ගල් වීසීකරන උදෑසන තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටි බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි. එවිට විසිකරන ගල්කැට එතුමාණන් වෙනුවෙන් අහුලා දෙන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ. එතුමාණන් වෙනුවෙන් හෙතෙම ගල්කැට හතක් අහුලා දුන්නේය. ඉන් එකක් කඩල ඇටයක හෝ ධාන්‍ය ඇටයක ප්‍රමාණයෙන් යුක්ත වූ අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එය අතේ තබා ගෙන මෙසේ පැවසූහ. මෙම ප්‍රමාණයෙන් සමාන වූ දෑ විසි කරන්න. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අන්තවාදයට, අතිශයෝක්තිභාවයට සහ ආගමික කාරණාවලදී සීමාව ඉක්මවීමට එරෙහිව අනතුරු ඇඟවූහ. සැබැවින්ම පෙර සමූහයන් විනාශයට පත් වූයේ ආගමේ සීමාව ඉක්මවා යෑම, අතිශයෝක්තිභාවය හා අන්තවාදය බව පෙන්වා දුන්හ.