නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම අල් කුර්ආනය කියවන, එහි ඇති දෑ අනුව ක්‍රියා කරන, එය කියවමින් හා කටපාඩම් කරමින් පිළිපදින්නාට මෙසේ පවසනු ලැබේ: ඔබ අල් කුර්ආනය කියවන්න. එමගින් ස්වර්ගයේ තරාතිරම්හි උසස්භාවය ලබන්න. මෙලොවෙහි ඔබ රාගිකව හා තැන්පත්ව අල් කුර්ආනය තාලයට කියෙව්වාක් මෙන් තාලයට කියවන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසානයයි.