අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ගැත්තා රෝගාතුර වූ විටෙක හෝ ගමනක නිරත වූ විටෙක, ඔහු නිරෝගීව හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන දෙයක් ඔහුට නියම කරනු ලැබේ." صحيح - رواه البخاري
explain-icon

විවරණය

අල්ලාහ්ගේ මහිමය හා ඔහුගේ කරුණාව පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. සැබැවින්ම මුස්ලිම්වරයකුගේ පුරුද්දක් ලෙස තමන් නිරෝගීව හා පදිංචිව සිටිය දී කරමින් ආ දැහැමි ක්‍රියාවන් වී නම්, පසුව ඔහු යම් හේතුවත් මත රෝගී තත්ත්වයට පත්ව එය ඉටු කිරීමට නොහැකි වූ විටෙක හෝ එය ඉටු කිරීමට නොහැකිව ගමනක නිරත වූ විටෙක, එය කවර හෝ බාධකයක් වුව ද ඔහු නිරෝගී තත්ත්වයේ හා පදිංචි ව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන පූර්ණ ප්‍රතිඵල ඔහුට ලියනු ලැබේ.

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ් තම ගැත්තන් හට පිරිනමා ඇති භාග්‍යයේ විශාලත්වය.
  • අල්ලාහ්ට නැමදුම් කටයුතුවල දී කැප වන මෙන් හා නිරෝගීව හා විවේකීව සිටින අවස්ථාවන්හි කාල වේලාවන් ප්‍රයෝජනයට ගන්නා මෙන් දිරි ගන්වා ඇත.