නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම වමතින් අනුභව කරන මිනිසෙකු දුටුහ. එවිට එතුමාණෝ දකුණතින් අනුභව කරන්නැ’යි ඔහුට අණ කළහ. එවිට එම මිනිසා අහංකාරයෙන් යුතුව බොරු තෙපලමින් 'ඒ සඳහා මට හැකියාවක් නැතැ’යි පිළිතුරු දුන්නේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දකුණතින් අනුභව කිරීම තහනම් වේවා යැයි ඔහුට ප්‍රාර්ථනා කළහ. ඔහු වමතින් අනුභව කළ හේතුවෙන් නබි තුමාණන් කළ ප්‍රාර්ථනාවට අල්ලාහ් ප්‍රතිචාර දැක්වීය. ඉන්පසු ව කිසිදු ආහාරයක් හෝ පානයක් ගන්නා විටෙක ඔහුගේ එම අත මුඛය වෙත ඔසවන්නට ඔහුට නො හැකි විය.