අනුභව කිරීමේ විනය අතුරින් එක් විනයක් පිළිබඳ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කර ඇති ප්රකාශය ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් විසින් දන්වා ඇත. එනම්, මිනිසෙකු ආහාර අනුභව කොට අවසන් වී නම් ඔහු තම ඇඟිලි හා පිඟාන පිසදා එය අනුභව කළ යුතු වේ. එනම්, ආහාරයේ කිසිදු සලකුණක් එහි ඉතිරි නොවන තරමට පිසදැමීමයි. හේතුව සැබැවින්ම ඔබගේ ආහාරයේ කවර අංගයක බරකත් හෙවත් අභිවෘද්ධිය ඇත්තේ දැයි ඔබ නොදන්නා බැවිනි. එමෙන්ම ආහාර ගැනීමේ විනය අතර තවත් කරුණක් වන්නේ, කෙනෙකුගේ ආහාර කැබැල්ලක් බිම වැටුණු විට එය අතහැර නොදැමිය යුතුය. ෂෙයිතාන් මිනිසාගේ සියලු කටයුතුවල සම්මුඛ වෙයි. ඒ අනුව එම ආහාර කැබැල්ල ඔහු අර ගනු ඇත. නමුත් අප බලමින් සිටිය දී ඔහු එය නොගනු ඇත. එය ගුප්ත කරුණකි. එය අපට දසුන් නොවෙයි. නමුත් සත්යවන්ත සත්යවාදී යැයි පිළිගනු ලැබූ උත්තමයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පුවතින් එය අපට උගන්වා ඇත. ෂෙයිතාන් එය රැගෙන අනුභව කරයි. අප ඉදිරියේ භෞතික වශයෙන් යමක් ඉතිරිව තිබුණද එය ගුප්ත ලෙසින් ඔහු අනුභවය කරයි. ගුප්ත කරුණු අතුරින් වූ මෙය අනිවාර්යයයෙන් අපි තහවුරු කළ යුත්තකි.