අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිදු විටෙක ආහාරයකට අඩුපාඩු පවසා නැත. එයට එතුමා කැමති වූයේ නම් එය අනුභව කළහ. එමෙන්ම එතුමා එයට පිළිකුල් කළේ නම් එය අතහැර දැමූහ.” පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිදු විටෙක පිළිගන්වන ලද ආහාරයකට අඩුපාඩු පවසා නැත. එනමුත් එතුමා එයට කැමති වූයේ නම් අනුභව කළහ. එසේනැතිනම් එයට කිසිදු අඩුවක් නොපවසා අතහැර දැමූහ.