ඇතැම් සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ප්‍රශ්න කරමින් මෙසේ පවසා සිටියහ: සැබැවින්ම අපි ආහාර ගන්නෙමු. නමුත් බඩ පිරෙන්නේ නැත. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: "ඔබ ආහාර ගන්නා විට වෙන් වෙන්වී තනිව එකිනෙකා ආහාර ගන්නා විය හැක" ඔවුහු ''ඔව්." යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ: ඔබ වෙන් නොවී එකට ආහාරය ගන්න. ආහාර ගන්නා විට, බිස්මිල්ලාහ් යැයි පවසා අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිය ඇති කරනු ඇත.