අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර් තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකු හෝ ආහාර ගන්නා විට, ඔහුගේ දකුණතින් ඔහු අනුභව කළ යුතුය. ඔහුගේ දකුණතින් පානය කළ යුතුය. සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ වමතින් ආහාරය ගනියි. ඔහුගේ වමතින් පානය කරයි.” صحيح - رواه مسلم
explain-icon

විවරණය

මුස්ලිම්වරයකු තම දකුණතින් ආහාරපාන ගත යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළ අතර වමතින් ආහාරපාන ගැනීමෙන් වැළැක්වූහ. හේතුව ෂෙයිතාන් තම ආහාරපාන වමතින් ගන්නා බැවිනි.

explain-icon

හදීසයේ හරය

  • වමතින් ආහාර පාන ගැනීමෙන් ෂෙයිතාන්ට සමාන වීමේ තහනම.
explain-icon

අමතර