අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ආහාරය අනුභව කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන, බීම පානය කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන ගැත්තා ගැන සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත් වන්නේය." صحيح - رواه مسلم
explain-icon

විවරණය

අල්ලාහ්ගේ තෘප්තිය ලබන කටයුතු වලදී ගැත්තා ඔහුගේ භාග්‍යය හා ඔහුගේ ආශිර්වාදය සඳහා ඔහුගේ පරමාධිපතිට කරන ප්‍රශංසාව ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විස්තර කරයි: ඒ අනුව ඔහු යම් ආහාරයක් අනුභව කර "අල්-හම්දු ලිල්ලාහ්" යනුවෙන් පවසනු ඇත. යම් පානයක් පානය කර අල්-හම්දුලිල්ලාහ් යැයි පවසනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • සර්වබලධාරී අල්ලාහ්ගේ ත්‍යාගශීලීත්වය. සැබැවින්ම ඔහු ආහාර ආශිර්වාද කර ප්‍රශංසාව පිළිගන්නේය.
  • අල්ලාහ්ගේ තෘප්තිය ආහාර පානයෙන් පසු ප්‍රශංසා කිරීම වැනි ඉතා සරල කරුණු තුළින් හිමි වේ.
  • ආහාර පාන පරිභෝජනයෙන් පසු උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම ආහාර පාන ගැනීමේ විනයකි.