නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනයා අතරින් වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. එතුමාණන් අවශ්‍ය අයට අවශ්‍ය දේ ලබා දෙමින් අධික ලෙස පරිත්‍යාගශීලී ලෙස කටයුතු කළේ රමළාන් මාසයේ ය. එසේ අධික ලෙස පරිත්‍යාගශීලී අයකු වීමට හේතු දෙකක් පාදක විය. පළමුවැන්න: එතුමාණන් ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ව හමුවීමය. දෙවන කරුණ: අල්-කුර්ආනය ඉගැන්වීම. එනම් කටපාඩම් කිරීම සඳහා කියවා පෙන්වීම. අල් කුර්ආනයෙන් පහළ වූ සියලු දෑ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එතුමාණන්ට උගන්වමින් සිටියේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අධික ලෙස පරිත්‍යාග කරන, යහපත සිදු කරන වඩාත් පරිත්‍යාගශීලී තත්ත්වයට පත් වූහ. එමෙන්ම එතුමාණෝ වර්ෂාව හා ආශිර්වාදය සමග අල්ලාහ් විසින් එවනු ලබන සුබවාදී සුළගට වඩා වේගතවත්ව මිනිසුන් වෙනුවෙන් යහපත ඉටු කළහ.