තමන් වෙත ලැබුණු මුදල්වලින් කොටසක් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇතැම් ජනයා වෙත බෙදා හැර තවත් පිරිසක් අතහැර දැමූහ. එවිට උමර් -රළියල්ලාහු අන්හු- තුමා, “ඔබ පිරි නොනැමූ මොවුනට පිරිනැමිය යුතු නොවේ ද? හේතුව නියත වශයෙන්ම පිරිනමනු ලැබූ ඔවුනට වඩා මොවුන් සුදුස්සන් වෙති.“ යැයි කීහ. එවිට නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එතුමාට මෙසේ පවසා සිටියහ. “නියත වශයෙන්ම ඔවුන්ගේ විශ්වාසයේ දුර්වල කම හේතුවෙන් ඔවුන් බලකර ඉල්ලා සිටියහ. ලෝබකම හේතුවෙන් ඉල්ලා සිටීමේ දී ඔවුන්ගේ තත්ත්වය සලකා තීන්දු දෙන්නට ඔවුන් මා පත් කළෝය. එසේ නැතිනම් මසුරුකම වෙත මා ඈදනු ඇත.“ එහෙයින් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ චරිතයෙහි මසුරුකම නොවුව ද එතුමා මධ්යස්තව හා කළමණා කොට එසේ පිරිනැමීමට තෝරා ගත්හ.