අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((නුඹලා තිදෙනෙකු වී නම්, නුඹලා ජනයා සමග මුසු වන තෙක් කෙනෙකු අතහැර දමා දෙදෙනා පමණක් රහස් සාකච්ඡාවේ නිරත නොවිය යුතුයි. හේතුව එය ඔහු දුකට පත් කරවන බැවිනි.)) පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

හදවත් දිනාගන්නා මෙන් ද එකිනෙකා අසුන් ගන්නා විටත් කතා කරන විටත් අලංකාර ලෙස ක්රියා කරන මෙන් ද ඉස්ලාම් නියෝග කරයි. මුස්ලිම්වරයාට අහිත කරන, ඔහුව බිය ගන්වන, එමෙන්ම ඔහුට අනුමානයන් ඇති කරවන සියලු දැයින් ඉස්ලාමය වළක්වයි. තිදෙනකු සිටිය දී දෙදෙනෙකු රහසින් කතාකොට ඔවුන් සමග සිටි තුන්වැන්නාට ඔවුන් දෙදෙනා සැඟවීමත් එවන් කටයුතු වලින් එකකි. හේතුව සැබැවින්ම එය ඔහුට අහිත කරනු ඇත. ඔහුව දුකට පත් කරනු ඇත. ඔවුන් දෙදෙනාගේ කතාවෙහි තමන් සහභාගී වීමට සුදුසු නැතැයි ඔහුට හැඟෙයි. තමන් තනි වූ එක් පුද්ගලයකු යැයි සිතයි. එහෙයින් මෙවන් රහස් සාකච්ඡාවලින් වැළකී සිටින මෙන් ආගමික නීතිය පැමිණ ඇත.

explain-icon

අමතර