මෙම හදීසයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහුගේ ආත්මයට වඩා අන් අය කෙරෙහා ප්රමුඛත්වය ලබා දී ඇතැයි සඳහන් වේ. හේතුව එතුමාට අවශ්යව තිබූ මෙම පොරෝණය එම මිනිසා ට ලබා දී ඇත. තමන්ට තිබූ දැඩි අවශ්යතාව මත එතුමා එය ඇඳගත් බව පෙන්වා දෙයි. හේතුව කාන්තාවක් පැමිණ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට පොරෝණක් පිළිගැන්වූවාය. එවිට එතුමා වෙත මිනිසෙකු පැමිණ: මෙය කෙතරම් අලංකාරදැයි විමසා නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් එය ඉල්ලා සිටියේය. දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- එය ඉටු කළහ. එය ගලවා නවා ඔහුටම එය පිරිනැමූහ. ඇතැම් විවරණකරුවන් මෙම හදීසයේ ඇති ප්රයෝජන ගැන පවසා සිටියදී, දැහැමියන්ගේ සිහිවටනයන් තුළින් යම් බලපෑම් සිදු වනු ඇතැයි පවසා සිටියි. එය එසේ නොවේ. එසේ යම් බලපෑමක් සිදුවනුයේ නබි තුමාණන්ගේ ස්වභාවයෙන් පමණි. භාග්යයක හෝ යහපත සැලසීමක හෝ එතුමා හැර වෙනත් අය ඊට සමාන කළ නොහැක. සහාබාවරුන් පවා එතුමා හැර වෙනත් අය සමග ඔහු ජීවත්ව සිටියදී හෝ ඔහු මරණයට පත් වූ පසු හෝ එවැනි කටයුත්තක් සිදු කළ බවට සඳහන්ව නැත. එසේ යහපතක් වී නම් ඒ වෙත අපට වඩා ඔවුන් ඉදිරියෙන් සිටින්නට තිබුණි.