නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පිරිසිදු කිරීමේ ඇතැම් නීති පැහැදිළි කළහ. ඒවා අතරින්: පළමුවැන්න: කවරෙකු වුළූ ධෝවනය කළේ ද හුස්ම සමග තම නාසය තුළට ජලය ගලන්නට සළස්වා පසුව හුස්ම සමගම එය බැහැර කළ යුතුය. දෙවැන්න (මළ මූත්‍රා කළ පසු) : ඉන් බැහැර වන අපිවිත්‍ර දෑ පිරිසිදු කිරීමටත් ජලයෙන් තොරව ගල් හෝ එවැනි වෙනත් දෙයකින් එය ඉවත් කිරීමටත් සිතන්නේ නම්, එය ඔත්තේ සංඛ්‍යාවකින් පිරිසිදු කළ යුතුය. එහි අවමය විය යුත්තේ වාර තුනකි. එහි උපරිම වනුයේ බැහැර වන දෑ ඉවත් කර එම ස්ථානය පිරිසිදු කිරීමය. තුන්වැන්න: කවරෙකු රාත්‍රී නින්දෙන් අවදි වූයේ ද, ඔහු වුළූ ධෝවනය සඳහා තම අත් එහි දමන්නට පෙර භාජනයට පිටතින් තුන් වරක් සෝදාගත යුතුය. සැබැවින්ම තම අත් රාත්‍රියේ කොතැනක තිබුණේ දැයි ඔහු නොදන්නා බැවිනි. එවිට අපවිත්‍ර දෑ ගැන බියක් ඇති වේ. ෂෙයිතාන් මිනිසාට හානිදායක හෝ ජලය අපිරිසිදු කරන දෑද එයට එකතු කළ හැක.