අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීම සඳහා පිටත්ව ගිය විට, එතුමා හා එතුමාගේ සම වයසේ පසු වූ තවත් සේවකයකු අතු සහිත හෙල්ලකයක් මෙන් අතු සහිත රිටක් රැගෙන ගියහ. එය එතුමාණන් ආවරණයක් ලෙස ගැනීම පිණිස හා එතුමාණන්ගේ සලාතය සඳහා ආවරණයක් කර ගනු පිණිස ය. එමෙන්ම ඔවුන් දෙදෙනා සමග හමින් නිර්මාණය කරන ලද ජලය පිරුණු කුඩා බඳුනක් ද උසුලාගෙන ගියහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ශාරීරික අවශ්‍යතා ඉටු කළ පසු, ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු එම භාජනය එතුමාණන්ට දුන්නේය. එවිට එතුමා ජලයෙන් පිරිසිදු කර ගත්හ."