ජරීර් ඉබ්නු අබ්දිල්ලාහ් අල් බජලී -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසයෙහි සැබැවින්ම තමන් ගමනක නිරතවූ බවත් තම මගී කණ්ඩායමට සේවය කළ බවත් ඔවුන් අන්සාරිවරුන් අතුරින් වූ පිරිසක් වූ බවත් ඔවුන් අතර වයසින් කුඩා වූ අනස් -රළියල්ලාහු අන්හු- තුමාද සිටි බවත් එවිට ඔහු අමතා: ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරකුව සිටියදී ඔබ කෙසේ නම් ඔවුනට සේවය කරන්නේ දැයි විමසනු ලැබූ බවත් සඳහන්ව ඇත. එවිට ඔහු: “අන්සාර්වරු අල්ලාහ්ගේ දූතයාණන් සමග කටයුතු කළ අකාරය මම දැක ඇත්තෙමි. ඔවුන් අතුරින් කිසිවකු හෝ මා මුණ ගැසෙන්නේ නම් ඔහුට සේවය කරමින් මිස මුතුදම් නොපාමි යැයි මම මාගේ සිත තුළ දිවුරා ගත්තෙමි යැයි පැවසූහ. මෙය නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගරුත්වයට පත් කළ අයට කරන ගරුකිරීමකි. මිනිසකුගේ මිතුරන්ට ගරු කිරීම එම මිනිසාට ගරු කළාක් මෙනි. එමෙන්ම ඔවුනට උපකාර කිරීම ඔහුට උපකාර කළාක් මෙනි. එහෙයින් එතුමා-රළියල්ලාහු අන්හු- නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට ගරු කිරීමක් වශයෙන් ඔවුනට උපකාර කළහ.