සැබැවින්ම අබූ බක්ර් අස්-සිද්දීක් හා උමර් අල්-ෆාරූක් (රළියල්ලාහු අන්හුමා) යන ප්‍රමුඛ අනුගාමිකයින් දෙදෙනා නබිවරුන්ගෙන් පසු වඩාත් ශ්‍රේෂ්ඨ උදවිය වෙති. එමෙන්ම මෙම උදාර අනුගාමිකයින් දෙදෙනා නබිවරුන් හා ධර්ම දූතවරුන් ස්වර්ගයට ගිය පසු එහි පිවිසෙන අය අතරින් වඩාත් උතුම්ම පුද්ගලයින් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.